Header Ads

Online Freelancing කරන්න තියෙන පහසුම ක්‍රමය Fiverr


මේක හුඟක් අය දන්නව. කරන අයත් ගොඩක් ඉන්නව.
මමත් කාලෙකට ඉස්සර කළා, ආදායමකුත් හෙව්ව. නමුත් කාලය හා ආසාව අඩු වීම නිසා කරන එක නවත්තල දැම්ම.
මොකක් හරි ඔයාලට තියෙන දැනුමකින්, හැකියාවකින් වැඩක් ගන්න උවමනාවක්, ආසාවක් තියෙන නම් මේක හුඟක් පහසු ක්‍රමයක්.
නමුත් දෙයක් කියන්න තියෙනව. fiverr එකෙන් වැඩ කරගන්න එන මිනිස්සු 5$කට 100$ විතර ප්‍රොජෙක්ට් කරගන්න බලාපොරොත්තු වෙනව. ඒ නිසා ඒක ගැනත් හිතන්න. මහන්සියට සරිලන ආදායමක් ලැබෙනවද කියලත් බලන්න. 5$ කිව්වට ඔයාගෙ අතට එන්නෙ 4$. ඊට පස්සෙ ඕව අපේ card එකකට, ගිණුමකට ගන්න ගියාමත් ගාණක් කැපෙනව.

හරි, සබ්ජෙක්ට් එකට එමු. මම නම් මේ ගැන ඉතා හොඳ දැනුමක් තිබෙන කෙනෙක් නෙමෙයි. නමුත් මේ ගැන හොඳම දැනුමක් තිබෙන පුද්ගලයෙක් විසින් පවත්වාගෙන යන බ්ලොග් අඩවියක් මම දන්නව. ඒක ගැන කියන්නයි හදන්නෙ. සමහරු මේක දන්නවත් ඇති.
"Fiverr සිංහලෙන්" ebook එක හුඟක් අය දන්නව ඇති. ඒ පොත ලිව්වෙත් මේ බ්ලොග් එක ලියන මිත්‍රයා තමයි.
එහෙනම් ඒ බ්ලොග් එකට ගිහිල්ල fiverr ගැන හැමදෙයක්ම විතරක් නෙමෙයි, සාර්ථකව fiverr වලින් ආදායම් ලබන්නෙ කොහොමද කියලත් ඉගෙනගන්න.

SLMARKETER

No comments

Powered by Blogger.