Header Ads

ව්‍යාපාරයක් අරඹද්දී නොකළ යුතු දේ



අලෙවිකරණ විශේෂඥ ටී. රගුලන්
Epitom Consulting

නව ව්‍යාපාර ඇරඹීම පිළිබඳ විමසීම් දිනෙන් දින වැඩිවන නිසා එලෙස උපදෙස් හා මඟ පෙන්වීම් අපේක්ෂා කරන ජනතාවගේ යහපත සඳහා කරුණු කිහිපයක් ඉදිරිපත් කරනු කැමැත්තෙමි. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමැත්ත දක්වන ජනතාවගෙන් වැඩි දෙනෙකු එම තීරණය ගැනීමට හේතුව ලෙස දක්වන කරුණු ගැන සාකච්ඡා කිරීම වැදගත් වේ.
මෙම හේතූන් දළ වශයෙන් වර්ග කිහිපයකට බෙදිය හැකිවේ. කුමන ආකාරයේ ව්‍යාපාරයක් ආරම්භ කළ යුතු දැයි නොදන්නා නිසා ඒ පිළිබඳව කරනු ලබන විමසීම් පළමු වර්ගයට අයත් වන අතර තම ප්‍රධානීන්ගේ බැනුම් ඇසීමට නොහැකි වීමත් තාවකාලික රැකියාවල පීඩනයෙන් ගැළවීමත් සඳහා කෙරෙන ආරම්භයන් දෙවැනි කොටසට අයත්වේ. තමා සතුව යම් මුදලක් ඇති නිසා එය ඥානාන්විතව ඵලදායක ලෙස උපයෝගි කර ගැනීමේ මෙවැන්නක් ඇති කිරීම තෙවන කොටස වේ. තමා තුළ ඇති වී තිබෙන අදහසක් හෝ සංකල්පයක් සැබෑ ලෝකය තුළ ක්‍රියාත්මක කිරීම සිව්වැන්න වෙයි.
මෙම ලෝකයේ ඇති සෑම දෙයක් ම යමක් මත පවතින්නක් වෙයි. සමාගමක් වැඩිදුරටත් ආයෝජනයන් කරනු ලබන්නේ තම ආයතනය සතු මුල්‍ය ශක්තිය විශ්වාස කරමිනි. පවුලේ හා ගුරුවරුන්ගේ ආධාරය අපේක්ෂාවෙන් ශිෂ්‍යයෙක් උසස් ප්‍රතිඵල බලාපොරොත්තු වෙයි. පවුලක් සතුටින් හා සැප පහසුවෙන් සිටින්නේ සැමියා හෝ පියා විසින් රැක ගන්නේය යන ‍බලාපොරොත්තු වෙනි.
එලෙසින් ම ව්‍යවසායකයන් ලෙස අප බොහෝ දෙනෙක් විවිධ විශ්වාස මත ව්‍යාපාර ආරම්භ කරන්නෙමු. එනිසා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඔබ විශ්වාස නොකළ යුතු කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට මම කැමතියි. මගේ පාඨකයන් නඟන ප්‍රශ්න රාශියකට මේ මඟින් පිළිතුරු ලැබෙනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.
ප්‍රධානියා ඔබ ම විය යුතුය යන ආත්ම විශ්වාසයෙන් බොහෝ දෙනෙක් නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා තම රැකියාවෙන් බැහැරව යති. සැලකිය යුතු මූලධනයක් නොමැතිව හෝ තම ශක්තියෙන් හෝ කුසලතාවයෙන් පමණක් ව්‍යාපාරයක් ආරම්භ කළ හැකියැයි විශ්වාස කරන පුද්ගලයන්ට මෙම ක්‍රමය උචිත වේ.

* සමාජය ඔබට දිරිය හෝ උපකාර ලබාදෙන්නේය යන හැඟීමෙන් ව්‍යාපාරයක් ආරම්භ නොකරන්න.

නව ව්‍යාපාරයක් ආරම්භ කරන ව්‍යවසායකයා සමාජයෙන් එල්ලවන විවේචන නොතකා තමාට පියාසර කිරීමට හැකියාව ඇතැයි විශ්වාස කරමින් තම ගුවන්යානය පරීක්ෂා කිරීම සඳහා කන්දකින් පැනීමට ‍බිය නොවන නව නිපැයුම්කරුවෙකු බඳු වන්නේය. එනිසා නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබ අදිටන් කරගන්නා අවස්ථාවේදී සමස්ත සමාජය ම ඔබගේ වර්ධනයට ආධාර කරනු ඇතැයි විශ්වාස නොකරන්න. ඔබගේ ජයග්‍රහණයන්ට වඩා පරාජයන් ගණනය කිරීම සමාජය විසින් ආරම්භ කරනු ඇත. ආරම්භයේදීම ඔබට ගැටලුවක් ඇති වුවහොත් ආපසු රැකියාවට යන ලෙස සමජයෙන් උපදෙස් ලැබෙනු නියතය. එලෙසින් ම ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ‍ඔබ හෝ ඔබ පවුලේ මුල්‍ය ස්ථාවරත්වය අවදානමකට ලක් නොකරන ලෙස සමාජයෙන් පැවසෙන අදහස් වලට ඔබ අවනත විය යුතු නොවේ.

* වාසනාව ලැබේයැයි සැමවිටම විශ්වාස නොකරන්න.

සාර්ථකත්වය ලැබෙන්නේ වෙහෙසවී වැඩ කිරීමෙන් හා අවධානය යොමු කිරීම තුළින් බව අමතක නොකරන්න. වෙහෙස වී වැඩ කිරීම සමඟ වාසනාව එක්වීමෙන් අඛණ්ඩ සාර්ථකත්වයක් ලැබෙන බව මගේ විශ්වාසයයි.
සෑම දෙයක් කෙරෙහිම සාධනීය (යහපත්) ආකල්පයෙන් යුතුව කටයුතු කරන්න.
ඔබගේ ව්‍යාපාරයට වාසනාව හෝ සාර්ථකත්වය ලබා දෙන්නේ සාධනීය බව (යහපතේ ක්‍රියාවල) බලයෙන් බව විශ්වාස කරන්න.

* අවස්ථාවන් ලැබෙන තෙක් බලා නොසිටින්න. ඉඩ ප්‍රස්තා උදා කරගන්න.

ඉඩ ප්‍රස්ථා හා අවස්ථාවන් ඔබ වෙත පැමිණෙනු ඇතැයි සිතීමෙන් වළකින්න. ඉඩ ප්‍රස්ථාවන් ලබා ගත යුතු අතර අවස්ථාවන් උදාකර ගත යුතුය. අවස්ථාවන් ලබා ගැනීම සඳහා අමතර උත්සාහයන් නොදරා ඒවා පැමිණ දොරට තට්ටු කරන තෙක් බොහෝ දෙනා වාඩි වී බලාගෙන සිටිති. ඔබගේ පෞද්ගලික සන්නාමය ගොඩනඟා ගෙන ජාලයක් බිහිකර ගන්න. බොහෝ නව සබඳකම් හා ඉඩප්‍රස්ථා මහත් රාශියක් ඉන් ඔබට ලැබේ.
ඒවා ලබා ගැනීම සඳහා කාලයක් වෙන්කර ගන්න. යම් කටයුත්තක් කිරීමේදී අපහසුතාවයකට මුහුණ දීමට සිදුවූ විට මිනිස්සු ඒවා එක එල්ලේ අතහැර දමති. අවස්ථාවන් උදා වන්නේ අවහිරතා මධ්‍යයේ යැයි ලොව ප්‍රකට විද්‍යාඥ ඇලබට් අයින්ස්ටයින් පවසා තිබේ. අපේක්ෂිත කුසලතාවය ඔබ තුළ නැති බව ඔබට තේරුම් ගියහොත් එය ලබාගන්න. එම කුසලාතවයෙන් වැඩි දියුණු කරගන්න. ඉන්පසුව අවස්ථාවන් උදාකර ගන්න.

* බාහිර පුද්ගලයන් ඔබ පොලඹවනු ඇතැයි නොසිතන්න.

පරාජිත - අපහසු - හැඟීමක් ඔබට දැනුන විට ඉන් මිදී ප්‍රබෝධමත්වීමට ඨබට යමක් අවශ්‍ය වේ. කරුණාවන්ත, උපකාර කරන පිරිසක් ඔබ වටා සිටින්නේ නම් ඔවුන්ගේ දිරිමත් කිරීම් හා උපදෙස් අනුව ඉදිරියට යෑමේ හැකියාව ලැබීමේ වාසනාව ඔබ සතුව පවතී. එබඳු කෙනෙකු නොසිටින්නේ නම් ඔබ විසින් ම පෙළඹවීම් කරගත යුතු බව මතක තබා ගන්න.

* ඔබේ ව්‍යාපාරයේ ආරම්භ කිරීමේ හා පවත්වාගෙන යෑමේ වගකීම බැංකුව මත නොරඳවන්න.

“සුළු හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයන්ට අපි ආධාර කරන්නෙමු”යි කිය‍ැවෙන ආදර්ශ පාඨයක් හෝ උපදේශක වාක්‍යයක් ශ්‍රී ලංකාවේ බොහෝ බැංකු රඳවාගෙන සිටින බව මට පෙනුණේය. මේ මත විශ්වාසය තබාගෙන, අති සාර්ථක සංකල්පයක් හා ක්‍රියාකාරී සැලසුමක් ඇතිව පවා, ණය මුදලක් ගැනීමට ඔබ බැංකුවට ගියහොත්, යහපත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ ඉතා විරල අවස්ථාවකදී පමණි. අප අරමුදල් සපයන්නේ මිලියන 100 හෝ 150 ඉක්මවා යන පිරිවැටුමක් ඇති ආයතනවලට බව හෝ රාජ්‍ය අංශය පිළිගන්නා වත්කම් හෝ ඇපකර අවශ්‍ය බව හෝ එවැනි වෙනත් කරුණක් බැංකුව මඟින් ඔබට කියනු ඇත.
එහෙත් තිත්ත ඇත්ත නම් තමන්ගේ ම දෙයක් පටන් ගැනීමේ අරමුණින් ව්‍යවසායක එළඹුමක් පමණක් ඇති නමුදු මූලධනයක් නොමැති බොහෝ ජනකායක් පිටත සිටින බවයි. ඔබ ස්ථාවර තත්ත්වයකට පත්වූ පසුව බැංකු මඟින් ණය ලබා ගැනීම පහසු වන නමුදු ඒ වනවිට ඔබට බැංකුවක ආධාරය අවශ්‍ය නොවනු ඇත. බැංකුවේ නෙතින් බලන කල මෙය පිළිගත හැකි තත්ත්වයක් වන නමුදු අපේක්ෂා භංගත්වයට පත්වන කරුණ වන්නේ සාකච්ඡාවන් සඳහා බැංකු ඉදිරිපත් නොවීමයි. බොරු පොරොන්දු මඟින් ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන්නන් අපේක්ෂා භංගත්වයට පත් නොකර, “අපි ආධාර කරන්නේ සංස්ථාපිත ව්‍යවසායකයන්ට පමණි” යනුවෙන් බැංකු ප්‍රකාශ කිරීම යහපත් වේ.

* පෙනුම සඳහා ව්‍යාපාර ආරම්භ නොකරන්න

යම් ජයග්‍රහණයක් ඔබ ලබාගත් විට නිතැතින් ම ඔබ ලෝකයාගේ ගෞරවයට පාත්‍රවනු ඇත. වෙහෙසවී වැඩකර සියල්ල සම්පූර්ණ කරගන්න. ඔබගේ ජයග්‍රහණයට හඬ නැඟීමට ඉඩ දෙන්න.

* ඔබ ස්වාධීනව සිටින විට අනුන් සමඟ නොසැස‍ඳෙන්න.

ඔබ සංස්ථාපිත වුවහොත් ඔබට එය කළ හැකිය. ඔබ තනිව සිටින විට අද්විතීය පුද්ගලයෙක් වෙයි. ඔබගේ මිතුරන් වියදම් කරන නිසාම අනවශ්‍ය වියහියදම් නොකරන්න. ඔබේ මිතුරන් කරන නිසා පුරාජේරුවට වැඩ නොකරන්න. එලෙසින්ම ඔබට අනවශ්‍ය භාණ්ඩ මිලදී නොගන්න. සැලසුම් කරගත් ඔබේ ජීවිතය ඔබගේ ව්‍යාපාරයට සෙත සැලසෙන ආකාරයට මෙහෙය වන්න.

* ව්‍යාපාරයට පවුලේ උදවිය සහභාගි වෙතැයි අපේක්ෂා නොකරන්න.

ව්‍යාපාරයක් ආරම්භ කළ විට බොහෝ දෙනා පවුලේ සාමාජිකයන් එයට පත්කර ගැනීම හෝ එයට පවුලේ අයගේ ආධාරය අපේක්ෂා කිරීම අභියෝගාත්මක එකක් වන බව හා එය ඔබ සිතන පමණ පහසු නොවන බවත් ඔබගේ දුක්ගැනවිලි ඔබ සමඟ ආදරනීයන් බෙදා ගනු ඇතැයි නොසිතන්න. ඔබ ඔබගේ සිහින සමඟ ජීවත් වෙද්දී ඔවුන්ට ඔවුන්ගේ සිහින සමඟ ජීවත්වීමට ඉඩ දෙන්න.

15 comments:

  1. නියමයි.............අති දීර්ඝ කාලෙකට පස්සේ කාන්තාරයකට වැටෙන මහා වැස්සක් වගේ මට මේ ටිකනම් හොඳට වැදුනා.......... නියමයි............

    ReplyDelete
  2. Ayya me post eka nam godak watinawa. Man kalin viyaparayaka haulkarayek nisa mata me aamahara athdakiim thiyanawa. Aththatama mekanam godak prayogika danumak ganna puluwan post ekak..

    ReplyDelete
  3. වටිනා ලිපියක්...
    ස්තූතියි

    ReplyDelete
  4. බොහොම වැදගත් කාරණා ටිකක්....
    මේ හැම දෙයක්මහිතට අරන් වැඩක් පටන් ගන්න එක තමයි අමාරුම වැඩේ..
    හැබැයි පටන් ගත්තට පස්සෙ නම් ගේමක්ම නෑ...

    අවස්ථිතිය වගේ තමයි :D

    ReplyDelete
    Replies
    1. අන්න හරි. අවස්ථිතිය වගේ. තල්ලුව දීගන්නයි අමාරු. තල්ලු කරල යන්න පටන් ගත්තම දිගටම යනව.

      Delete
  5. aluth wayaparika adahas tikakuth damu nada

    ReplyDelete
    Replies
    1. දෙන්න පුළුවන්. බලමු. ඒව නිකං දෙන්න බෑ. ;) :D
      Royalty එකක්වත් ඕනෙ.

      Delete
  6. හොද ලිපියක් සහෝ. දිගටම කරගෙන යන්න. ස්තුතියි

    ReplyDelete
  7. වටිනා ලිපියක් නියමයි

    ReplyDelete
  8. ගොඩක් වටින ලිපියක් අයියේ. ඕනම දේක ආරම්බය ගන්නයි අමාරු.හොද ආරම්බයක් ගන්න මේ උපදෙස් ටික ගොඩක් වැදගත් අයියේ..

    ReplyDelete
  9. මගේ වයස අඩු උනාට මමත් හොද දැනුමක් ලබා ගත්ත අයියේ....ස්තුතියි.මට වැඩ කරන්න හොද ඉලක්කයක් ලැබුණා......

    ReplyDelete

Powered by Blogger.