Header Ads

ඔයා ඉන්න හරියෙ අය ඉන්ටර්නෙට් භාවිතා කරනව අඩුයි නම් මොකද කරන්නෙ?


අපේ කට්ටියගෙන් බාගෙකට වඩා තියෙන ප්‍රශ්නයක්.
" අනේ අපේ පැත්තෙ අය නෙට් යූස් කරනව අඩුයිනෙ. ඉතින් කොහොමද අපි මාකට් කරන්නෙ????"


මේ වෙනුවෙන් කරන්න පුළුවන් සරළ දෙයක් මම කියල දෙන්න යන්නෙ.
හැබැයි පොඩිම පොඩි වියදමක් කරන්න වෙනව.
මොකටද, කොළ ටිකක් ප්‍රින්ට් කරගන්න. ගෙදර ප්‍රින්ටර් එකක් තියෙනව නම් හුඟක්ම පොඩි වියදමක් යන්නෙ.

කොහොමද කරන්නෙ?

1. ඔයා ඉන්න පැත්තෙ විකුණන්න හොඳ භාණ්ඩ තෝරාගන්නේ කොහොමද?
මේකනෙ මුලින්ම එන ප්‍රශ්නෙ. මොනවද අපි විකුණන්නෙ?
පොඩ්ඩක් හොයල බලන්න, කඩ වලට කතා කරල බලන්න, මිනිස්සු මොන වගේ දේවල්ද හොයන්නෙ කියල.
උදා: විදුලිබලය අඩු ප්‍රදේශ වල අය portable power banks, solar chargers වගේ දේවල් හොයාවි. වාහන spareparts අඩු පැති වල අය ඒව හොයාවි. auto decorative හොයාගන්න නැති පැති වල ඒවට ඩිමාන්ඩ් එකක් තියේවි.
communications, electronics shops, vehicle spare parts shops, පෙට්ටි කඩ, ඒ වගේ තැන් වලින් අහල බලන්න. එහෙම කරන භාණ්ඩ ටිකක් තෝරාගන්න.

2. ඒව ගන්නෙ කොහෙන්ද?
දෙවෙනි ප්‍රශ්නෙ.
ebay වගේ අඩවි වලින් බොහොමයක් දේ පුළුවන්. පිටකොටුවට ආව නම් සමහර හුඟක් දේවල් ගන්න පුළුවන්. electronics නම් 2 වන හරස් වීදියෙ එහෙම ඕනෙ තරම්. ප්ලාස්ටික් බඩු එහෙමත්.
Power banks ගැන මම කිව්ව නිසා ඒ ගැන අමතර දෙයක් කියන්නම්. battery තියෙන දේවල් නම් fake ඒව හරියට. power banks නම් පිටකොටුවෙ බොරු ඒව හරියට තියෙනව. ඊ බේ වලත් හොඳ ඒව හොයාගන්න වෙනව.

3. කොහොමද මාකට් කරන්නෙ?
මෙතනට තමා මම අර කිව්ව පොඩි වියදම එන්නෙ. ලස්සන පෝස්ටර් එකක් හදාගන්න A 4 size එකට. ඔයා විකුණන භාණ්ඩ ගැන කියල. ප්‍රවර්ග කිහිපයක් කරනව නම් එක එකකට වෙන වෙනම පෝස්ටර් හදන්න.
ඒකෙ දාන්න භාණ්ඩ ගැන කෙටි විස්තරයක්, රූපයක්, මිල, ඔයාව සම්බන්ධ කරගන්න දුරකථන අංක, ලිපිනය, කොහොමද ගෙන්වගන්න පුළුවන්, වගේ විස්තර. Delivery Methods වලදි දුර පළාත් වලදි සාර්ථක වෙන්නෙ තැපෑල හා පැමිණ ලබා ගැනීම තමයි. ඒ දෙකම අඩු මිල විසඳුම්.
ඔය හදාගත්තු පොඩි පෝස්ටර් communications, shops, bus halts වල අලවන්න.
දකින අය, ඕනෙ අය ඔයාට කෝල් කරාවි.

4. කොහොමද සල්ලි ගන්නෙ? කොහොමද බඩු යවන්නෙ?
සල්ලි මුලින් ගෙවල බඩු එනමක් බලන් ඉන්න ගොඩක් අය කැමති නෑ. හුඟක් අයට ඕනෙ cash on delivery. ඉතින් ඔයාට මුදල් මුලින් අරගෙන පස්සෙ යවන්න පුළුවන් නම් බැංකු ගිණුමකට, mCash, ezcash වගේ සේවාවන් හරහා මුදල් ලබා ගන්නට පුළුවන්. ඊට පස්සෙ පාර්සල් තැපෑලෙන් යවන එක තමා ලේසිම.
පස්සෙ නම් සල්ලි දෙන්නෙ VPP තමා හොඳම හා ලාභදායීම විසඳුම. එතකොට තැපැල් කන්තෝරුවට සල්ලි ගෙවල පාරිභෝගිකයාට භාණ්ඩය ලබා ගන්න පුළුවන්නෙ. හැබයි මේ වැඩේටත් අකමැති අය ඉන්නව. කම්මැලිකම හෝ ආසන්නයේ තැපැල් කාර්යයාලයක් නොපැවතීම නිසා. ඒකට කරන්න තියෙන්නෙ, එයාලට කියන්න ඕනෙ, මුලින් ගෙවන්න, පස්සෙ එවනව කියල.
පාර්සල් එක යැව්ව ගමන් කෝල් එකක් දීල ඔයා buyerට confirm කරන්න.

කෙසේ වෙතත්, ඔයා ලභට පාරිභෝගිකයා ගෙන්වාගෙන භාණ්ඩය පෙන්වා විකුණන්න පුළුවන් නම් තවත් පහසුයි.

5. කොහොමද කට්ටියව රඳවල තියාගන්නෙ?
ඔයාගෙන් බඩු ගත්තු අයව රඳවල තියාගන්න එකයි, එයාල ඔයාගෙ marketing media එකයි විදිහට භාවිතා කරන්නෙ කොහොමද කියල මම කියන්නම්.
ඔයා බඩු විකුණනකොට ඔයාගෙ පොඩි චිට් එකක් එයාලට දෙන්න. business card එකක් වගේ දෙයක්. ඒක business card එකක් වෙන්නම ඕනෙ නෑ. A4 sheet එකක පොඩි ඇඩ් 20ක් විතර එක පාර ප්‍රින්ට් කරගෙන ඒවායින් 5 ගාණෙ විතර අර හැම buyer කෙනෙක්ටම දෙන්න. එතකොට එයාලට පුළුවන් එකක් එයාල ගාව තියාගෙන 4ක් එයාලගෙ මිතුරන්ට දෙන්න. ඒ හරහා ඔයාව මාකට් කරන්න. ඔයාගෙ ඇඩ් එකක් කෙලින්ම පාරිභෝගිකයා අතටම යවන්න.


මේ ලිපිය සම්බන්ධයෙන් අදහසක් දැක්වීම සාමාජිකයින් සියළු දෙනාගෙන්ම මම බලාපොරොත්තු වෙනවා.

10 comments:

  1. ලිපිය බොහොම ප්‍රයෝජනවත් මාදව අයියේ. ප්‍රචාරනයට තවදෙයක් කියන්නම්..
    ඔයාලා මුලින්ම මාදව අයියා කීව විදියට ඇඩ් එකක් හදාගෙන ඒක ඩුප්ලෝ ප්‍රින්ට් කරන්න. 1000ක් විතර ප්‍රින්ට් කරන්න 1500-2000අතර යන්නෙ. (a4) ඊට පස්සෙ ඔයාල පත්තර් විකුනන තැනකට ගිහින් එයාලට චූටි ගානක් දීල කියන්න මේ ටික පත්තර අස්සට දාල බෙදලා දෙන්න කියලා. අනිවා එයලා ඒක කරනවා.

    ස්තූතියි හැමෝටම... ගුනදොස් කියන්ඩෝ...
    මම Dinith Kanishka

    ReplyDelete
    Replies
    1. ඔව්. එහෙම කරන්න පුළුවන්. හොඳම මාකටිං ක්‍රමයක්. එච්චර වියදම් කරන්නෙ නැතිව කරන්න පුළුවන් දෙයක් තමා මම කිව්වෙ.

      Delete
    2. ade supiri wade bn meka. ela dinith

      Delete
  2. Athtgatama meka hida adahasak... lajja welanam busuness karanna be. Bahinnama wenawa... thawa deyak apita puluwan neda ayya api danna ayata lassana sms ekak yawala danuwath karanna. Mekath hoda marketing ekak wey.. yaluwanta kiyanna puluwan thawa kipadenekuta hari meka forwirdkaranna kiyala...

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ ක්‍රමයක්. ඔයා යාළුවො 10කට යවල එයාලට කියනව එක්කෙනෙක් දෙන්නෙක්ට යවන්න කියල. ඔයාගෙ වියදමක් නැතිව තව 20ක් දැනගෙන. ඒ අයගෙනුත් තව interested අයට ඔය ආරංචිය යනවනෙ. අඩුම ගාණෙ 50ක්වත් දැනගනී. sms 10යි වියදම.
      SMS marketing කියන්නෙ දැන් කාලෙ ටික ටික වැඩි දියුණු වෙමින් යන marketing මෙතඩ් එකක්.
      හැබැයි ඕකෙත් email marketing වලට වගේම පොඩි ගැටළුවකට තියෙන්නෙ niche එකකට targeted නැති වෙන්න පුළුවන්.

      Delete
  3. වටින ලිපියක් අයියෙ. ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.

    ReplyDelete
  4. godak hoda adahasak madahawa ayya...mamath palaweni business eka kara..guitar ekak....man 6000kata guitar ekak aran eka 9000kata wikunna...guitar case ekata salli giyama 2500k labai..thanx

    ReplyDelete
    Replies
    1. Good work.
      ඔහොම යං. දැන් ඔයාට ඔයාගෙම බඩු ටිකක් ගෙන්නන්නත් පුළුවන්.

      Delete
  5. ගොඩක් හොඳ ලිපියක් bro

    ReplyDelete

Powered by Blogger.