Header Ads

Delivery Methods ගැන



Delivery කරන එක, තමන්ම විකුණනකොට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක්.
Kaymu, RetailGenious සයිට් වල විකුණනකොට ඔය ප්‍රශ්නෙ නෑ. එයාල delivery එක කරන නිසා.
ikman.lk එකෙත් දැන් Buy Now option එක තියෙනව. විවිධ category වලට එක එක මිල මට්ටම් වලින් ඉහළ මිල වලට ඉක්මන් එකෙන්ම courier කරන වැඩේ කරනව. 

අපිම delivery කරනකොටයි ප්‍රශ්නෙ.
  1. Store Pickup කරනවනම් ගැටළුවක් නෑ. ඒ කියන්නෙ අපි ලභට ඇවිල්ල සල්ලි දීල බඩු ගන්න එක.
  2. Courier කරන්න කිව්වොත් හුඟක් අය බඩුව අතට අරගෙන තමා සල්ලි ගෙවන්න කැමති. සල්ලි ගෙව්වට පස්සෙ ගෙන්නගන්න කැමති අය අඩුයි. එහෙම සල්ලි ගෙව්වට පස්සෙ එවන්න කැමති අය ඉන්නව නම් එතනදිත් ප්‍රශ්නයක් නෑ. නමුත් එයාල ඔයාල කෙරෙහි තියන විශ්වාසය නැති කරන්න එපා.
  3. Courier කරද්දි බඩුව අතට අරගෙන සල්ලි ගෙවන එක ට තමා COD / Cash On Delivery කියන්නෙ. ඒක කරන්න ඔයාල courier service එකක් එක්ක agreement එකක් sign කරන්න ඕනෙ. සමහර courier services එහෙම කරන්න අපි සමාගමක් වශයෙන් රෙජිස්ටර් වෙලා ඉන්න ඕනෙ. සමහරක් ඒවට එහෙම අවශ්‍යතාවයක් නෑ. එහෙම සමාගම් වශයෙන් ඕනෙ නැති courier service එකක් හොයාගන්න ඕනෙ.
තැපෑලෙන් යවන්නත් ක්‍රම දෙකක් තියෙනව.
  1. එකක් තමා මුලදි වගේ මුදල අපිට ගෙව්වම සාමාන්‍ය පාර්සල් තැපෑලෙන් යවන එක. ඒක පහසුයි. නමුත් ගන්න කෙනා මුලින් මුදල් ගෙවන්න කැමති වෙන්න ඕනෙ. පාර්සල් ගාස්තු රු.90 සිට ඉහළට තියෙන්නෙ.
  2. දෙවන ක්‍රමේ, පාර්සලය තැපෑලෙන් යැව්වම ගන්න කෙනා තැපැල් කන්තෝරුවට අදාල මිල ගෙවල භාණ්ඩය ලබා ගන්න එක. ඒක COD වගේම තමා. මුදල අපිට ලැබෙන්නෙ ගන්න කෙනා පාර්සලය අරගෙන මුදල් ගෙව්වට පස්සෙ අපිට ගෙදරට ලියුමක් එනව. අපි අපේ ලඟ තියෙන තැපැල් කන්තෝරුවට ගිහිල්ල ඒ ලියුම පෙන්නල සල්ලි ගන්න එක. (VPP කියන්නෙ මේ ක්‍රමේට)
අවසන් ක්‍රමේ තමා තමන්ම ගිහිල්ල භාණ්ඩය භාර දෙන එක. :) බයික් එකක් වගේ තියෙනව නම්, වෙලාව තියෙනව නම් ඒකත් සිම්පල් ප්ලෑන් එකක්. 

මේ ලිපිය සම්බන්ධයෙන් අදහසක් දැක්වීම සාමාජිකයින් සියළු දෙනාගෙන්ම මම බලාපොරොත්තු වෙනවා. 

7 comments:

  1. Hoda idea tikak .. VPP wage method walin glasses wage ewa yawana eka danger neda ?

    ReplyDelete
    Replies
    1. පාර්සල් එක හොඳට හදල බිඳෙන සුළුයි කියල පැහැදිලිව දාල යවන්න පුළුවන්. නැතුව යැව්වොත් නම් වීදුරු කටු ටික ගිහිල්ල තියේවි. Registered Post විදිහට හා Parcel Post විදිහට යන නිසා පාර්සලයේ ඇතුළෙ තියෙන දේ ආරක්ෂා කිරීම එයාලගෙ වගකීමක්.

      Delete
  2. Replies
    1. Welcome Bro. Aren't you thinking of changing your name??

      Delete
  3. Ayya mataa me hamadetama kalin tjiyana lokuma aula thamay me paththe business adu eka. Me paththe me wage wadak set wenneth kalathurakin

    ReplyDelete
  4. ඇත්තටම.... ගොඩක් වටින පෝස්ට් එකක් තව ටිකක් ඒ ගැන විස්තර තිබ්බනම් වඩාත් හොදයි. මේ වගේ ප්‍රෙයා්ජනවත්
    ලිපියක් පල කලාට ඔබට ගොඩක් ස්තුතියි

    ReplyDelete

Powered by Blogger.