Header Ads

Buy/Sell Business එකක් කරනකොට, වැඩිපුර demand තියෙන භාණ්ඩ මොනවද කියල හොයාගන්නෙ කොහොමද



ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.

මම 
විකුණන්නෙ මොනවද? 
විකුණන්න හොඳ මොනවද? 
හොඳට ලාභ ලැබෙන්නෙ මොන වගේ ඒව වික්කොත්ද? 
වැඩිපුර විකිණෙන්නෙ මොන වගේ ඒව වික්කොත්ද?

ඔය ප්‍රශ්න ටික ඔන්ලයින් බඩු විකුණන හැමෝටම වගේ තියෙන ප්‍රශ්න.
ඉතින් මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න පොඩි ටිප්ස් ටිකක් කියන්න තමයි මම මේ ලෑස්ති වෙන්නෙ.
මතක තියාගන්න මේව 100%ක් සාර්ථක දේවල් නොවෙන්න පුළුවන්. නමුත් ඔබට හොඳ අදහසක් ගන්න මේ දේවල් ටික හොඳටම ඇති වෙයි.

කෙලින්ම කතාවට බහිමු. 

මොනවද විකුණන්නෙ කියල තීරණය කිරීම
මුලින්ම අපි තීරණය කරන්න ඕනෙ අපේ පාරිභෝගිකයින් කවුද කියල. ඒ අයට ඕනෙ මොනවද, ඒ අය ගන්නෙ මොනවද කියල ඊට පස්සෙ හිතන්න ඕනෙ.
ඉතින් මුලින්ම කල්පනා කරන්න ඔයා භාණ්ඩ විකුණන්නෙ කා හටද? ඉස්කෝලෙ යන කෙල්ලන්ට / කොල්ලන්ට, ෆැෂන් ලවර්ස්ලට, වාහන අයිතිකරුවන්ට, ට්‍රැවල් කරන අයට, හායාරූප ශිල්පීන්ට, යන වශයෙන්. 
ඊට පස්සෙ හිතන්න ඒ අය ගන්න කැමති දේවල් මොනවද කියල. මෙන්න මේක වැදගත්. මේක තීරණය කරනකොට පහසුම දේ තමයි, මොනවද විකුණන්නෙ කියල හිතනවට වඩා ඒ ඔයා තෝරාගත් පාරිභෝගිකයින් ගන්න කැමති මොනවද කියල හිතන එක. පොඩි market survey එකක් කළාට එහෙම පාඩු වෙන්නෙ නෑ.
එහෙම කරපු සුපිරි market research එකක් තියෙනව Daraz.lk වෙබ් අඩවියෙ. ඒක බලන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ල. (http://www.daraz.lk/research/)

මේ වාර්තාව පොඩ්ඩක් පරික්ෂා කලොත් මම ඒකෙ වැදගත් දේවල් ටිකක් කියන්නම්.
  • ලංකාවෙ අන්තර්ජාලය හරහා මිලට ගැනීම කරන්නෙ වැඩිපුරම, වයස අවු. 25 - 34 අතර කට්ටිය, පිරිමි අය,  කොළඹ දිස්ත්‍රික්කයේ අය, තාක්ෂණය ගැන උනන්දු අය
  • වැඩිපුරම මිලට ගන්නෙ electronics and Mobile Phones. හැබැයි සවිස්තරාත්මකව පරික්ෂා කළාම ඉහළින්ම තියෙන්නෙ අත් ඔරලෝසු, ජංගම දුරකථන අමතර උපාංග, ආභරණ, ඇදූම්. (පොඩ්ඩක් අවුල් වගේ. නමුත් අපි දෙකම මතකයේ තියාගමු)
  • බහුතරයක් පරිගණක භාවිතා කරන්නෙ.
  • බ්‍රෑන්ඩ් ගැන එච්චර බලන්නෙ නෑ
  • වැඩි දෙනෙක් කැමති Cash On Delivery වලට. 

මේ දේවල් වලින් ගත යුත්ත අපි තේරුම් ගන්න ඕනෙ. ඒ අනුව ක්‍රියාත්මක වෙන්න ඕනෙ. හැබැයි මේවායින් කියවෙන්නෙ නෑ අපි හැම වෙලේම ඉලක්ක කරන්න ඕනෙ මේ වැඩිම පිරිසක් ඉන්න කොටස කියල. මොකද ඒක ඒ ඒ පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. ඔයාගෙ හැකියාවට, දැනුමට, ආසාවට අදාල වෙන විෂය පථය තමයි තෝරාගත යුත්තේ. 

මේවත් එක්ක හිතන්න ඕනෙ තවත් දෙයක් තියෙනව. වැඩිපුර මිනිස්සු ගත්තු පලියට ඒක පස්සෙම යන්න ඕනෙම නෑ. මොකද හුඟක් ජනප්‍රිය භාණ්ඩ වල එක් අවාසියකුත් තියෙනව. වැඩිපුර මිනිස්සු ගන්න දේවල් වලට තරඟය වැඩියි. ඉතින් ඔයාට යම් ශ්‍රමයක් වැය කරන්නට ඉඩ තියෙනව මේ තරඟය තුළ ඉදිරියට යන්න.  මෙතනින් එක වාසියක් ගන්න පුළුවන්. ඒ ජනප්‍රිය භාණ්ඩ දැනට අයිති කරගෙන ඉන්න අයට ඒ භාණ්ඩ වලින් වඩාත් වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහෙ අමතර භාණ්ඩ විකුණන්න උත්සාහ කරන්න පුළුවන්. 

ඊලභට තව වැදගත් දෙයක් තියෙනව. පොඩි පොඩි දේවල් ගැන හිතනවට වඩා වැඩගත් දේ තමයි ඔයා බලන්න ඕනෙ සමස්ථයක් වශයෙන්. මිනිස්සු ගන්න කැමති දේවල් වෙන්නත් පුළුවන්, වැඩිපුර විකිණෙනව වෙන්නත් පුළුවන්. නමුත් ඔයාට ලැබෙන ලාභය ගැන විශේෂයෙන්ම බැලිය යුතු වෙනවා. 

නිමල්, රු. 200කට අරගෙන 250ට විකුණන භාණ්ඩයකින් 100ක් විකුණනව. ආයෝජනය රු.20,000යි. එකකින් ලාභෙ රු. 50යි. ලාභෙ රු. 5000යි. එයා 100 වාරයක් භාණ්ඩ විකුණන්න ඕනෙ කරන දේ කරනව. 
සුනිල්, රු. 5,000ක අයිටම් එකකින් 5ක් විකුණනව රු. 6,000 ගානෙ. සමාන ආයෝජනයක්මයි. ලාභෙ රු.5,000යි.
නිමල් භාණ්ඩ 100ක් විකුණල ගන්න ලාභෙ සුනිල් භාණ්ඩ 5කින් ගන්නව. සුනිල් මහන්සි උනේ නිමල් මහන්සි උනු ප්‍රමාණෙන් 1/20යි.

පැහැදිලිද මම කියන දේ? 
හැම වෙලේම වැඩිපුර විකිණෙන දේ පස්සෙන්ම යන්න එපා. අඩුවෙන් විකිණුනත් අවසානයේ වැඩි ලාභයක් ලැබෙන දේට යන්න.

මේකෙන් ගන්න පුළුවන් වැදගත් පොයින්ට් එකක් තිබෙනවා. මේ ඉහත ආකාර දෙකේම භාණ්ඩ තෝරාගෙන විකුණනව නම් ඔයාට එක් වාසියක් තිබෙනව. වැඩිපුර විකිණෙන භාණ්ඩයෙන් ඉක්මන් ලාභත්, අඩුවෙන් විකිණුනත් වැඩි ලාභයක් තියාගෙන විකුණන්න පුළුවන් භාණ්ඩයෙන් වැඩි ලාභත් ලැබෙනව. එතකොට ඔයාගෙ ඉන්කම් එක එකදිගටම ඒකාකාරී විදිහට හැදෙනව. 

උදා: 
මම තෝරා ගත්තේ Vehicle Accessories, Wrist Watches, Electronic/Non Electronic Gadgets කියල පරාසයන් වල භාණ්ඩ.
වැඩිපුර විකිණෙම භාණ්ඩ ගැන හිතල තමයි මම අත් ඔරලෝසු තෝරා ගත්තෙ. තරඟය අඩු භාණ්ඩ ගැන හිතලතමයි මම vehicle accessories තෝරා ගත්තෙ. Vehicle Electronics / home electronic Gadgets තමයි මගෙ වැඩිපුර විකිණුනේ නැතත් ලාභය වැඩි භාණ්ඩ. 

කොහොමද ජනප්‍රිය, වඩා ලාභෙ වැඩි, දැන් මිනිස්සු වැඩිපුර ගන්න භාණ්ඩ මොනවද කියල හොයන්නෙ?
මේ සඳහා ආදානයන් ගන්න පුළුවන් දේවල් කිහිපයක් තිබෙනව.

පුවත්පත්
පුවත්පත් වල ඇඩ් බැලුවම ඔයාලටම හිතාගන්න පුළුවන් ලොකු ලොකු සමාගම් මොන වගේ දේවල්ද වැඩිපුර ප්‍රොමෝට් කරන්නෙ කියල.
උදා: Smart Watches, Smart Bands. Samsung Band එකක් රු.30,000ට සමාගම ප්‍රොමෝට් කරනව. ඉතින් ඒ වගේ ගාණ අඩු එකක් ඔයාට විකුණගන්න බැරි වෙන්නෙ නෑ පහසුවෙන්ම. 

වෙළඳ සඟරා
ලංකාවෙ නම් මේ ආකාරයේ කියල කෙලින්ම කියන්න පුළුවන් සඟරා නෑ. නමුත් පුවත්පත් අතිරේක තිබෙනවා මේ ආකාරයේ. ඒවායේ තිබෙන දැන්වීම් වලිනුත් අදහස් ගන්න පුළුවන් ගොඩක්.

Drop-shipper and wholesaler directories
මේක නම් වඩාත් වැදගත් වෙන්නෙ ඊ බේ එකේ විකුණන අයට. drop shipper directories වල වැඩිපුරම move වෙන භාණ්ඩ විශේෂයෙන්ම පෙන්වල තිබෙනවා.

වෙළඳ සැල්
අපි ඔන්ලයින් විකුණන්න ට්‍රයි කරන හුඟක් භාණ්ඩ සාමාන්‍ය වෙළඳ සල් වල තිබෙනවනෙ. ඉතින් ඔයාටත් පුළුවන් කඩේකට ගොඩ වෙලා මොනවද ඒවයෙ තියෙන්නෙ කියල බලන්න. එයාල වැඩිපුරම ප්‍රොමෝට් කරන භාණ්ඩ මොනවද කියල බලන්න පුළුවන්. වැඩිපුර ප්‍රොමෝට් කරන්නෙ වැඩිපුර විකිණෙන දේවල් තමා බොහෝවිට. (ස්ටොක් ඉවර කරගන්න ප්‍රොමෝට් කරන ඒවායින් මේවා වෙන් කරල ගන්න)

වෙනත් අන්තර්ජාල වෙළඳසල්
මම කැමතිම එක. මමත් වැඩිපුරම භාවිතා කරන්නෙ මේ ක්‍රමය. වෙනත් e commerce web shops වල විකුණන්න දාල තියෙන ඒවායින් හුඟක් අදහස් ගන්න පුළුවන්. මොකද ඒවායේ තිබෙනව මිනිස්සු වැඩිපුර ගන්න දේවල්, වැඩිපුර ලාභ ගන්න පුළුවන් දේවල්.
මම අදහස් ගන්න වැඩිපුරම භාවිතා කරන වෙබ් අඩවි තමයි mydeal.lk, wow.lk deals, daraz.lk. මීට අමතරව dailydeals.lk, easy.lk වෙබ් අඩවිත් භාවිතා කරනව. 
අලුත් ආකාරයේ ගැජට් මොනවද, වැඩිපුර විකුණෙන දේවල් මොනවද, වැඩිපුර කැමති දේවල් මොනවද කියල මම මේ අඩවි වලින් අදහස් ගන්නව. මේවත් එක්ක වෙනත් ගන්න පුළුවන් අදහසුත් තියෙනව. ඒකත් කල්පනාවට ගන්න. 

උදාහරණ කිහිපයක් බලමු. 

ස්ටයිලස් ගන්න අය ගාව ටැබ් තියෙනව. ගොඩක් විකිණිලා. නමුත් ලාභෙ නම් අඩුයි.

ෆෝන් හෝල්ඩර් ගන්නෙ ස්මාට් ෆෝන් හා වාහන තියෙන අය



ගොඩක් විකිණිලා. නමුත් ලාභෙ නම් අඩුයි.


විකිණිලා නම් තියෙන්නෙ අඩුවෙන්. හැබැයි ලාභෙ ප්‍රතිශතය වැඩියි.


LED ලයිට් එක ගමු. ගොඩාක් විකිණිලා තියෙනව. හැබැයි ඒකෙන් ලාභය නම් ගොඩක් අඩුයි. අන්තිමට තියෙන DVR Dash Cam එක ගත්තොත්, විකිණිලා නම් තියෙන්නෙ කිහිපයයි. නමුත් ඒකෙන් ලැබිල තිබෙන ලාභය නම් වැඩියි. මේ භාණ්ඩ වල මිල ගණන් පරික්ෂා කරල බලන්නකො ebay, aliexpress වගෙ අඩවි වල.

අර කිව්ව වෙබ් අඩවිත් එක්ක තවත් සළකන්න ඕනෙ තැන් තමයි ෆේස්බුක් sale groups. එහෙම ගෲප් ගොඩක් තියෙනව. ඉතින් ඒවටත් ගිහිල්ල අදහස් ගන්න පුළුවන්. 

7 comments:

  1. හොද අදහස් ටිකක් තියනවා අයියා... මමත් නිතර කරන ඔයවගේ වැඩක් තියනවා.. ඒ තමා වෙන shopping site වල best seller item check කරන එක.. ඒකත් හෙදයි නේද අයියා මේ වැඩේට..

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මාදව අයියෙ. ලිපිය ගොඩක් වැදගත් සහ ප්‍රයෝජනවත්.

    ReplyDelete
  3. හොදට විස්තර කරලා තියෙනවා. හොද වැඩක් අපිත් එක්ක දිගටම ඉදලා අපිව දැනුවත් කරන්න. ස්තුතියි.

    ReplyDelete
  4. wadagath dewal tikak kiyala dila thiyenawa..godak sthuti madahawa ayya

    ReplyDelete

Powered by Blogger.