Header Ads

30-50%ක ලාභයක් ලැබෙන ඔයාලගෙම ඔන්ලයින් බිස්නස් එකක් ආරම්භ කරන්න



මේ විදිහට බිස්නස් කරන අය ලංකාවෙ ඕනෙ තරම් ඉන්නව. මෙතනත් ඇති. 
ඔයාලටත් අදහසක් අරගෙන දෙයක් ආරම්භ කරන්න මම මේ ලියන්නෙ.

PTC, RevShare, Forex, Ad publishing ගොඩක් දේවල් කරල මේ ඉන්න හුඟක් අය ඩොලර් හොයන්න මහන්සි වෙනව. ඒවායින් අති සාර්ථක උනු අයත් ලංකාවෙ ගොඩක් ඉන්නව. අසාර්ථක උනු අය ඊටත් වඩා ඉන්නව.
මම කතා කරන්න හදන්නෙ physical business එකක් ආරම්භ කිරීම සම්බන්ධව. ලංකාව තුළ ක්‍රියාත්මක කරන.

කෙලින්ම කරන ක්‍රමේටම බහිමු.

අවශ්‍ය දේ:
  1. මිතුරන්ගෙ/නෑදෑයින්ගෙ සම්බන්ධතා
  2. පොඩි මුදලක්
  3. දිනකට පැයකට අඩු කාලයක්
  4. අන්තර්ජාල සම්බන්ධතාවක් හා අන්තර්ජාලයට සම්බන්ධ වීමට පරිගණකයක්
  5. බැංකු ගිණුමක් (Internet banking තියෙනව නම් වඩාත් හොඳයි) (HNB, Commercial, Sampath Recommended)
  6. ඡායාරූප ගත හැකි කැමරාවක් / ෆෝන් එකක්.

ක්‍රමය: 
  1. බිස්නස් එක කරන්න නමක් හදාගන්න. (රෙජිස්ටර් කරන්න ඕනෙ නෑ)
  2. ikman.lk, kaymu.lk, retailgenius.com වගේ අඩවි වල අර නම යටතේ ගිණුම් හදන්න.
  3. මිතුරන්, නෑදෑයින්ට කතා කරල එයාල භාවිත නොකරන, නමුත් භාවිතා කළ හැකි තත්වයේ තිබෙන, එයාල විකුණන්න කැමති උපකරණ, ද්‍රව්‍ය තියෙනවද අහන්න.
  4. ඔයා ඒව විකුණල දෙන්නම් කියල ඒව ඉල්ලගන්න, එයාල බලාපොරොත්තු වන මිලත් අහගන්න. (රු.12000ට ගත්තු dvd player එකකට 12000ක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. අඩුම ගාණෙ 9000ක් වගේ තමා. ඒ නිසා realistic මිලක් කියන්න කියන්න.)
  5. ඒවයෙ හොඳ ඡායාරූප ටිකක් ගන්න. (ඉන්ටර්නෙට් එකෙන් ගන්නත් පුළුවන්, නමුත් භාවිත කළ භාණ්ඩයක් නිසා ඒ රූප භාවිතාවෙදී දෙවරක් සිතන්න)
  6. ඒවයෙ විස්තරයක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන් නම් හොයාගන්න. එහෙම නැති ඒවට හොඳ විස්තරයක් හදාගන්න.
  7. අර උඩ ගිණුම් හදාගත්තු සයිට් වල ඇඩ් පෝස්ට් කරන්න ඔය කිව්ව ඡායාරූප හා විස්තර දාල.
  8. මිල තීරණය කරනකොට, ඒවයෙ දැනට වෙළඳපළ වටිනාකම බලල, ඊට අඩු, නමුත් විකුණගන්න පුළුවන් මිලක් දාන්න.
  9. උදා: ඔයා ගාව තියෙනව මාසයක් භාවිත කරපු DVD player එකක්. මාකට් එකේ රු. 13000යි අලුත්ම එකක්. මේක මිල කරන්න රු. 10000කට වගේ. ඊට වැඩියෙන් දෙන්න බෑ.
  10. ඔය වගේ අයිතිකාරයට ගාණක් දීල, ඔයාටත් ගාණක් තියාගන්න පුළුවන් විදිහට මිල කරල ඇඩ් දාන්න.
  11. ikman.lk එකේ නම් commissions නෑනෙ. නමුත් කතා කරන අය මිල අඩු කරල ඉල්ලයි. එතකොට අඩු කරන්නත් පුළුවන් තරමකට මිලක් දාන්න.
  12. kaymu.lk, retailgenious වල සයිට් එක commission එකක් ගන්නව. ඉතින් ඒ commission එකත් ඔයාගෙ මිලට ඇතුළු වෙන්න ඕනෙ මතක් කරලම.
  13. ඔහොම දාල බඩු ටිකක් විකුණගන්න පුළුවන්.
  14. අයිති කාරයට ගාණක් දීල ඔයත් ගාණක් තියාගන්නව.
  15. හරියට drop shipping වගේ. කීයක්වත් වියදම් වෙන්නෙ නෑ, ඉන්ටර්නෙට් බිල ඇරුනම.
සල්ලි ටිකක් තියෙනව නම් හා / හෝ ඉහතාකාරයට සල්ලි ටිකක් හොයාගත්තට පස්සෙ. 
ලංකාව තුළ තියෙන භාණ්ඩ මිලට ගෙන විකුණන්න පුළුවන් ඔයාට. නැති නම් ebay වගේ අඩවියකින් ගෙන්නල.

ebay ගැන කතා කරමු.
  1. ebay එකෙන් අපි ගේනව mp3 players. අනිවාර්යයෙන්ම retail box එකක් තියෙන්න ඕනෙ. නැතිනම් විකුණන්න අමාරුයි. බැරි නෑ. අමාරුයි.
  2. mp3 player එකක් $3යි කියමු. රු. 435යි.
  3. ලංකාවෙ මේක කඩේ ගන්න තියෙනව රු.900ට විතර.
  4. ඔයා මේව ගෙන්නල ikman එකේ ඇඩ් දාන්න. pickup Rs. 590/=, තැපෑලෙන් ගෙන්වාගැනීමට රු. 700/=, පාර්සලය තැපෑලෙන් මුදල් ගෙවා ලබා ගැනීමට, රු. 750/= ඔය වගේ. කොහොම කළත් මාකට් ප්‍රයිස් එකට වඩා අඩුයිනෙ.
  5. kaymu.lk එකේ ඇඩ් දානව නම් මතක් කරල එයාලගෙ commission rate එකත් මිලට එකතු කරන්න. ඒ කිව්වෙ, electronics වලට commission එක 20%යි නම්, මිල දාන්න රු.700/=ක් වගේ. courier charges මිලට ගන්න කෙනා ගෙවල ගනී.
  6. මෙහෙම කළොත් 30%ක ලාභයක් ලැබෙනව.
හැම භාණ්ඩයකින්ම 30%ක් ගන්න බෑ. මොකද මාකට් එකේ මිලත් එක්ක ගළපන්න ඕනෙ නිසා. නමුත් සමහර දේවල් වලට 50%ක් දක්වා යන්න පුළුවන්.
ඉතින් අපිට වියදම් වෙන ගාණයි, මාකට් එකේ ගාණයි බලලයි විකුණන්න භාණ්ඩ තෝරාගන්න ඕනෙ. 
වැඩි margin එකක් තියාගන්න පුළුවන් භාණ්ඩ තෝරාගන්න. 
ගොඩක් මිල අඩු ඒවයින් ගොඩක් විකිණුනත් ලාභෙ අඩු වෙන්න පුළුවන්. ගොඩක් මිල වැඩි ඒවයෙන් එකක් දෙකක් විකිණුනත් ලාභෙ වැඩි වෙන්න පුළුවන්.
උදා: ඔරලෝසු. මේවයින් 50%කට වඩා ලාභයක් ගන්න පුළුවන් සමහර ඒවයින්. (උදා: රු.180ට ගෙන්නල 300ට විකුණන්න පුළුවන්. රු.120යි ලාභෙ. 
Some Car Accessory. වියදම රු.3500යි කියමු. මේක විකුණන්න පුළුවන් රු.5000කට. රු. 1500ක් ලාභෙ. 
එක අයිටම් එකකින් රු. 1500යි. ඒක හොයන්න ඔරලෝසු 13ක් විකුණන්න ඕනෙ. 
හැබැයි ඔරලෝසු ගොඩක් විකුණන්න පුළුවන්. අනිත් එකෙන් විකුණන්න පුළුවන් ටිකයි. ඒවටත් ගණන් හදල බලන්න.

ඉතින් හොඳම margin තියෙන අයිටම් හොයාගන්න ඕනෙ. එතකොට තමා හොඳම ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්.
  1. FB Fan Page එකක් හදල ඒකට මේ ඔයාගෙ භාණ්ඩ වල පින්තූර, විස්තර, දාල පෝස්ට් හදන්න.
  2. Payhere.lk අඩවියෙ ගිණුමක් හදල ඔය අයිටම් වලට PayNow buttons හදාගෙන ඒ පෝස්ට් එකටම ඒකත් දාන්න. (මතක් කරල Buyer pays courier charges කියල දාන්න. ) එතකොට ෆෑන් පේජ් එකෙන් බඩු මිලට ගන්න කෙනෙක්ට කෙලින්ම මුදල් ගෙවන්න පුළුවන්. හැබැයි ඒ බඩු ඔයා ගාව අනිවා ස්ටොක් තියාගන්න.
  3. මුදලක් ගෙවල ෆෑන් පේජ් එකට ෆෑන්ස්ල ටිකක් එකතු කරගන්න. මතක් කරල හරියට niche එක දෙන්න, නැතිනම් ඒ ෆෑන්ස්ලගෙන් කිසිම වැඩක් වෙන්නෙ නෑ. ලංකාවෙන් විතරක් ෆෑන්ස්ල ගන්න. (එක ලයික් එකකට රු. 5ක් වගේ යයි)
  4. FB එකේ ඔන්ලයින් බිස්නස් පෝස්ට් දාන ගෲප් ගොඩක් තියෙනව. ඒවට ජොයින් වෙලා ඒවයෙ පෝස්ට් දාන්න.
  5. ebay ඔනෙත් නෑ. ලංකාව තුළම තියෙන දේවලුත් වික්කැකි.
  6. උදා: හකුරු.
  7. හොඳ කිතුල් හකුරු හොයාගන්න. ඒව කෑලි විදිහට පැක් කරල හා බෑයවල් දෙකක් විදිහට පැක් කරන්න. පැකට් කරල ලස්සන ලේබල් එකකුත් ගහන්න. (ඔයාගෙ බිස්නස් එකේ නම එක්ක)
  8. ඊට පස්සෙ ලස්සන ෆොටෝ ටිකක් අරගෙන සයිට් වල දාන්න.
  9. courier කරන්න කාඩ්බෝඩ් පෙට්ටි වල දාල.
  10. Courier Services අපිට උදව්වට ගන්නම වෙනව.
සාමාන්‍යයෙන් කොළඹින් භාණ්ඩය අරගෙන කොළඹ තුළම වෙන තැනකර ප්‍රවාහනය කරන්න courier service එකක් රු. 90-200 අතර ගාණක් ගන්නව. බස්නාහිර පළාත තුළම නම් උපරිම රු.250ක් වෙයි. නුවරට වගේ 300-400ක් වගේ හා අනුරාධපුර, මාතර වගේ යවනව නම් රු. 450ක් විතර ගන්නව. (කොළඹින් ආරම්භ කරල)
සමහර courier service එක්ක වැඩ කරන්න බිස්නස් එකක් විදිහට රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනෙ. සමහර ඒවට එහෙම කේස් නෑ. Cash On Delivery කරනව නම් අනිවාර්යයෙන්ම වගේ එයාලත් එක්ක contract එකක් අත්සන් කරන්න වෙනව. නමුත් eDelivers කියන courier service එක එහෙම නැතිවත් කරනව. 
බස්නාහිර පළාත තුළ විතරක් ක්‍රියාත්මක වෙනව නම් eDelivers කියන courier service එක හොඳයි. රු. 200යි. නැති නම් 
DOMEX කියන එක හොඳයි. TNT/AceExpress  කරන්නෙ delivery විතරයි. COD කරන්නෙ නෑ. 
තව ගොඩක් courier services තියෙනව. ඔයාලත් හොයල බලන්න. 

ඉතින් මේ දේවල් වලින් අදහසක් ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සෙ තියෙන්නෙ ඔයාලගෙ උත්සාහය හා නිර්මාණශීලිත්වය.
ඉහළටම යන්න පුළුවන් මේ විදිහට ආරම්භ කරල හරියට කරගෙන ගියොත්. 


තව දෙයක් තියෙනව.
මෙච්චර දේවල් කරන්න බැරි නම් ඒ දේවල් කරන කෙනෙක්ට භාණ්ඩ supply කරන්න අතරමැදියෙක් විදිහට උනත් ඔයාට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒක ඉතින් field එකේ වැඩි වෙලාවක් ගත කරන්න ඕනෙ ජොබ් එකක්. 

උත්සාහ කරන්න. අනිවාර්යයෙන්ම ජය ගන්න පුළුවන්. 
ඕනෙ නම් හැකි උදව්වක් කරන්නම්. 

මේ ලිපිය සම්බන්ධයෙන් අදහසක් දැක්වීම සාමාජිකයින් සියළු දෙනාගෙන්ම මම බලාපොරොත්තු වෙනවා. 

16 comments:

  1. ඔන්න අයියා ඔයාගේ ක්‍රමේට මමත් අද රු. 3000ක් හෙව්වා.. මගේ යාළුවෙක්ට ලැප් එකක් ඕනි කීවා.. ඉතින් මම Ikman එකෙන් බලලා කීපදෙනෙකුට කතා කරලා එයාලගෙන් ඒ ලැප් වල අන්තිම ගානයි, කිහිපයකුයි ගෙන්නාගත්තා මගේ ඊ්මේල් එකට. ඊට පස්ෆොසේ ඒවා යාලුවට යවලා වැඩේ කම්ටෝෆර්ම් කරගත්තා. ඊයේ මගේ යාළු්වා මට සල්ලි එවලා තිබුණා.. අද මම ගිහින් ලැප් එකක් බලලා ගෙනාව.. හෙට තමා යාලුවා අතට දෙන්නේ.. ලැප් එකේ බෑග් එක ටික් අපිරිසිදුවට තිබුනේ දැන් ඒක හෝදල වේලෙන්න දැම්මා.. හොද කන්ඩිෂන් ලැප් එකක් ශුද්ධ ලාබේ 3000යි. කලින් පොරොන්දු වුණ ගානටත් වඩා අඩුවට ගන්න පුලුවන් වුණා. ගමන් වියදම් මොකුත් නෑ ඒ හැම දේම නොමිලේ කරගන්න පුළුවන් වුණා.. අයියට ගොඩක් ස්තූතියි අයිඩියා එක දුන්නට..

    ReplyDelete
    Replies
    1. හොඳ ආරම්භයක් මල්ලි. එකතු වෙලා ඉන්න. අපි ඔතනින් ආරම්භ කරන ව්‍යාපාරයක් ගොඩනඟමු.

      Delete
  2. Aththatama ayye meka patta watinawa... man oya weda karnne 12 wasere idan.. mulinma kare broker weda... ikmn, fb group wala thiyana 4n yaluwonta set kara.. math podi ganak thiya gathtga.. ita passe a gana ekathu karala man podi 4n aran ganak thiyan wikunna... masa 4k wage athulatha 18000k hewwa a kale... ita passe a salli walin hoda 4n ekak gaththa... eken e bay hadagena podi podi item genalla wikunna.. yaluwonta ona ewa order karala dunna math podi ganak thiyagena.. samahara ewa paduth una... but thamath mn eka karanawa... man kiyanne ne meka sthira adayam margayak kiyala... but nikanma gedarata wela inna kenekta thamage pocket money wath lesiyen hoya ganna puluwan me weden... man thama post karala ne mukuth okkoma manma thama delivery karanne.. post office eken item yawana widiya gena post ekak dekka... ekath try karala balanna ona... godak thanks ayye thawath me wage blog ekak karanawata... watina kiyana dewal godak igena ganna thiyanawa..

    ReplyDelete
    Replies
    1. Good Work මල්ලි, එහෙම තමා ආරම්භ කරන්න ඕනෙ. සුභ පතනවා.

      Delete
  3. නියමයි.............. කරන බිස්නස් එකටත් අලුත් ideas ටිකක් එකතු කරගන්න පුලුවන් මේකෙන් මට........ එල......... තෑන්ක්ස් මාධව අයියා.........

    ReplyDelete
    Replies
    1. හොඳයි. තව අදහස් ඉස්සරහට දෙන්නම්.

      Delete
  4. ගොඩක් ස්තූතියි අයියේ අදහස් වලට. ගොඩක් වටිනවා.

    ReplyDelete
  5. thanks for your support madhawa ayya.

    ReplyDelete
  6. හොද අදහස් ටිකක්, ස්තුතියි, ජාත්‍යන්තර ඔන්ලයින් බිස්නස් ඒකක් කරන්නේ කොහොමද?

    ReplyDelete
  7. ගොඩක් ස්තුතියි.. ගොඩක් දේවල් ගන්න තියෙනවා මේ ලිපි ඔක්කොම හරිම වටිනවා.ජය.

    ReplyDelete
  8. ගොඩක් ස්තුති .......

    ReplyDelete
  9. ස්තුතියි. ගොඩක් දේවල් දැන ගත්තා.

    ReplyDelete

Powered by Blogger.